ජනතාවට සත්‍ය හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව බස්නාහිර පළාතේ සියලු රෝහල් ඉදිරිපිට අද 05 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසීය.
ඒ අනුව දහවල් දොළහේ සිට පස්වරු දෙක දක්වා කාලය තුළ වෛද්‍යවරුන් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වනු ඇත.
පෙරේදා එනම් (03 වැනිදා) දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල සියලු රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ අතර එම කාලය තුළ රෝගී ප්‍රතිකාර කටයුතු තරමක් අඩාල විය.