2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:12
නවතම පුවත්

අද දේශපාලනය අරුමෝසම් විකුණන බොරුකාර වෙළෙන්දන් වගේ

රටක ආර්ථිකය හරි පීල්ලේ යනවිට එයට හානි කරන වැඩ සිදුවුවහොත් විශාල අනතුරකට පත්විය හැකි බව මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයකු වන එස්.කේ. පියදාස මහතා පවසනවා.

එය තේරුම් ගෙන ජනපතිවරණයේදී බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙසයි ජනහමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම රටට අවශ්‍ය හරි දේ තේරුම් ගෙන දුවන්නන්වාලේ නොදුවන දේශපාලන සංස්කෘතියක් බවත්, බොහෝදෙනා මවාපාන සුරංගනා ලෝකය ප්‍රාදේශිකව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ජනතාව අවබෝධ කරගත යුතු බවද එස්.කේ. පියදාස මහතා ප්‍රකාශ කළා.

තම දේශපාලන දැක්ම වනුයේ ශිෂ්ටත්වය හා අවංකකමට මුල් තැන දෙන දේශපාලන හා සමාජීය වැඩපිළිවෙළක් සඳහා ජනතාව පෙළ ගැස්වීම බවයි ඔහු පෙන්වා දුන්නේ.

පුරවැසියකු ලෙස තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පුරවැසි අයිතිය මත බවද ඔහු කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගරු කරන්නකු ලෙස එදා හැටන් ප්‍රදේශයෙන් ජනතා දේශපාලනය ආරම්භ කළ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ සමහරු විමතියට පත්වුවද දේශපාලන අයිතිය පොදු ජනතාවට උරුම දෙයක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

මේ එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක එස්.කේ. පියදාස මහතා,

“එදා මේ රටේ තාරුණ්‍ය අවස්ථා කිහිපයකදී විනාශ කළ දේශපාලන සංස්කෘතිකයක උරුමකරුවන් අද ඉන්න තරුණ පරම්පරාව රවටන්න ලස්සන කතා කියනවා.. මේවා දකින විට අපිට මතක් වන්නේ නගරබද සිට ගම්බදට ඇවිත් සිය සෙල්ලම් බඩු අරුමෝසම් විකුණාගන්නා එදා බොරු මවාපාපු වෙළෙන්දන්ගේ හැසිරීමයි.. ඡන්දයක් තියන්නත් රටක් තිබිය යුතුයි.. එවැනි රටක අනාගත පරම්පරාව බොරුවෙන් රවටන එක මහා පාපයක්.. ඒ අයට පෙන්වා දිය යුතුයි.. හැම පුද්ගලයකුටම රට වෙනුවෙන් යම් පූර්වාදර්ශයක්, පණිවුඩයක් ප්‍රතිපත්තිමය වශයෙන් දීමට ඇති අයිතිය.. ඒ අයිතිය මත මම මෙවර ජනපති සටනට එක්වුණා..”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories