වැඩි කළ පොහොර සහනාධාරය අදියර දෙකකින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
මහ මැතිවරණය අවසන් වන තෙක් එය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළහ.
ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15,000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරීමට නියමිත අතර, එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බවත්, ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.වැඩි කළ පොහොර සහනාධාරය අදියර දෙකකින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
මහ මැතිවරණය අවසන් වන තෙක් එය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළහ.
ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15,000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරීමට නියමිත අතර, එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බවත්, ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.