2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:36
නවතම පුවත්

අගමැති හරිනි නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.

මේ අනුව අද (01) අප්‍රේල් UNESCO මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අගමැතිතුමිය සහභාගී වෙයි.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයින් එක්රැස් වී පැවැත්වෙන්නකි.

සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතයි.

අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories