ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ස්වීඩන් රජයේ සුබපැතුම් එක් කර තිබෙන අතර,
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ශ්‍රී ලාංකික සිසුන්ට එරට පවතින අධ්‍යාපන අවස්ථා සහ වීසා ගැටලු විසඳීමටත් ස්වීඩන් රජයේ අවදානය යොමු වී තිබෙන බව එහිදී ඔහු සඳහන් කර ඇත.
ළමා පෝෂණය පිළිබඳ ගැටලුව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ස්වීඩන් තාපාතිවරයාගේ අවදානයට යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගිය ද, පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු තවමත් පවතින බව ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත.