2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 00:46
නවතම පුවත්

නාරාහෙන්පිට අමිල රක්ෂිත බන්ධනාගාරයට

ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (22) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දියානු බුද්ධි අංශය විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබා විමර්ශන සිදුකළ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට පවතින සම්බන්ධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන් කළ පොලිසිය මෙම සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බවද සදහන් කළේය.

මෙම සැකකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ද අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙන බව පොලිසිය සදහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories