2025 ජූලි 18 සිකුරාදා, 14:54
නවතම පුවත්

“සන්නිවේදන ව්‍යාපෘතිය අසාර්ථකයි” විගණන කාර්යාලයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට චෝදනා!

දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි. දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් 2020 නොවැම්බර් මාසයේ දී අවසන් කළ මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් වී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. මෙම අනාවරණය සිදු කර ඇත්තේ දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම ව්‍යාපෘතිය කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක නොවීම සඳහා ප්‍රධාන දුර්වලතා කිහිපයක් හේතු වී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි. ඒවා අතර, අදාළ සියලු නිලධාරීන් පුද්ගලිකව සහ සාමූහික වශයෙන් පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට පියවර නොගැනීම, සහ සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම ප්‍රමුඛ වේ.

එමෙන්ම, මෙම සන්නිවේදන පද්ධතියේ උපාංග රාජකාරී කටයුතු සඳහා භාවිතා කිරීම අනිවාර්ය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණ ද, ඇතැම් නිලධාරීන් ඒ අනුව කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එලෙස චක්‍රලේඛයට පටහැනිව කටයුතු කර ඇති නිලධාරීන් රාජකාරී කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම සිදුකළ යුතු බව සිය වාර්තාව මඟින් ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ. තවද, මෙම පද්ධතිය සාර්ථකව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා දීපව්‍යාප්තව පුළුල් සංඥා ආවරණයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

දේශපාලන

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories