ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරමින් එම නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම් සිදුවන
ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය
නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) කඳාන පිහිටි ත්‍රීපපෝෂ සමාගපේ නිරීක්ෂණයක නිරත් විය .එම නිරීක්ෂණයේදී ත්‍රීපෝෂ නිෂ්පාදන කටයුතු සහ ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයූතු පිළිබදව
නිරීක්ෂණය කළ සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ත්‍රිපෝෂ සමාගපේ ඉදිරි සැලසුම් සහ නිෂ්පාදන
අඛණ්ඩව සිදු කිරීම සදහා ගනු ලෙන තීන්දු තීරණ පිළිබදවත්, නව නිෂ්පාදන මෙන්ම අලෙවිකරණය සහ
ප්‍රචාරණ කටයුතු පිළිබදවත් නිෂ්පාදන සඳහා අමුද්‍රවය අඛණ්ඩව ලබා ගැනීම ඇතුළු මූල්‍යය, ප්‍රවාහන සහ මානව සම්පත් ගැටළු පිළිදව ආයතන ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වන ලදි.මෙහිදී දී දුම් රිය මාර්ගයෙන් බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ ලොරි රථ මගින් කෑගල්ල, කළුතර, කිලිනොච්චිය, කොළඹ,ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සදහා ත්‍රිපපෝෂ බෙදාහැරීමේ කටයුතු අමාත්‍යවරයා නිරීක්ෂණය කරන ලදි. එමෙන්ම ජා-ඇළ කපුවත්ත සුපපෝෂ අපලවි සැපලහි එම නිෂ්පාදනය දැනටමත් අලෙවි
කිරීමට කටයුතු කර ඇති බවද ඉදිරියේ දී රට පුරා සුපපෝෂ අපලවිසැල් 100 ක් ආරම්භ කිරීමටද සැසලුම් කර තිබෙන බව අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.