2025 ජූලි 18 සිකුරාදා, 17:42
නවතම පුවත්

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිතයි- ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නව රීති

ෆේස්බුක් සටහනක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ට කැඳවීමක් නිකුත් කිරීමට එරෙහිව විදුර රළපනාව මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව, පොලිසිය විසින් පුරවැසියන් කැඳවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 2025 ජූලි 2 වන දින වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වැදගත් පියවරක් ගෙන ඇත.නව චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇත්තේ, සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් පොලිසියට කැඳවීමේදී ඔවුන්ට ප්‍රමාණවත් තොරතුරු ලබා දිය යුතු බවයි. එනම්, ඔවුන්ව කැඳවීමට හේතුව, කුමන සිද්ධියක් හෝ විමර්ශනයක් සම්බන්ධයෙන්ද යන්න මෙන්ම, ඔවුන් පැමිණිය යුත්තේ කුමන අරමුණක් සඳහාද යන්න පැහැදිලිව දැනුම් දිය යුතු වේ.තවද, මෙම චක්‍රලේඛය මඟින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 සහ 110 වගන්තිවල අදාළ විධිවිධාන වෙත ද පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබේ.මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පැවසුවේ, මෙයින් කිසිදු අපරාධයක් සිදුවී නොමැති අවස්ථාවක හෝ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව පුරවැසියන් කැඳවීම හෝ රඳවා තබා ගැනීම නීති විරෝධී බව වක්‍රව අවධාරණය කර ඇති බවයි. එමෙන්ම මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ පොලිස් බලතල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීමයි. මෙවැනි ක්‍රියාවලියක් වෙනුවෙන් සිදුකර ඇති පුරවැසි මැදිහත්වීම අගය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවධානය යොමු කරවමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනය අද සිට ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

දේශපාලන

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories