උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර, වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකා නොබලන බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම්පත් ලබා ගත හැකි බවය.