කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා වික්ෂයේ ස්වාධීන ප්රගතිශීලී මන්ත්‍රීවරුන් සොයා ගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා තමන්ට උපදෙස් ලබා දුන් බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන ලද බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කර සාර්ථකව සිදු කර ඇති බවද ඔහු පැවසීය.
මධ්‍යම ආණ්ඩුව ගෙනයන සාර්ථක වැඩපිළිවෙල දැක ඒ පිළිබඳව පැහැදී කොළඹ නගර සභාවේද බලය ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බවට එම පිරිස දැනටමත් තීරණය කර අවසන් බවයි ඔහු කියා සිටියේ.
ඔහු මෙම අදහස් පල කළේ ගුවන් විදුලි නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.