2025 ජූනි 03 අඟහරුවාදා, 05:17
නවතම පුවත්

හරක් කටා අසනීපයෙන් – නිසි ලෙස ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ

මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් කියා සිටියේය.
මේ නිසා තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.

ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසූ අතර ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ‘හරක් කටා’ නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම වුණි.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories