අද (ජූලි 15) වන විට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි යම් පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69.21ක් ලෙස සටහන් විය.
එමෙන්ම, අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 66.93ක් ලෙස සටහන් වී තිබේ. මෙම මිල වෙනස්වීම් මෙරට දේශීය ඉන්ධන මිල කෙරෙහි බලපාන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත