කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, අද (ජූලි 2) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.
රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ගෙන් තොරව, අත්තනෝමතිකව සහ අනීතිකව, කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට විශාල පාඩුවක් සිදු කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට, අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 හි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද උදෑසන රාජිත සේනාරත්න මහතාගේ නීතීඥවරයෙක් අල්ලස් කොමිසමට පැමිණ, සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබා දී ඇති බවයි.