වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් සඳහන් කරමින් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ සේවය කරන 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වේ.
රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් තමන් වැඩ වර්ජනයේ නිරත වන බවයි අදාළ සේවකයින් සඳහන් කරන්නේ.