රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ අද (ජූලි 13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමඟ එක්ව සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ වෙතත්, පහරකෑමට ලක්වූ පුද්ගලයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.