කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (ජූලි 13) පෙරවරු 9.00ට තද සුළං සහ රළු මුහුද පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කර තිබේ. මෙම නිවේදනය හෙට (ජූලි 14) පෙරවරු 9.00 දක්වා වලංගු වනු ඇත.
ගාල්ලේ සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55-65 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.
ගාල්ලේ සිට කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 පමණ දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු සිට රළු දක්වා විය හැකිය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි. මෙම තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් ද පවතී.
මුහුදු ප්‍රදේශවල සිටින පුද්ගලයින් සහ ධීවර ප්‍රජාවට විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.