පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වා නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක සදහන් කරයි.
පානීය ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.