ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් අද (ජූලි 14) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙහිදී කථානායකවරයා දෙරට අතර කෘෂිකාර්මික, වෙළෙඳ, සංචාරක සහ පුරවැසි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම හමුවේදී ප්‍රවාහන අංශය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, ඉන්දුනීසියාවේ “පැනොරමික් දුම්රිය” මෙරට සංචාරක කර්මාන්තයට යොදාගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු විය. එසේම, ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීම සහ ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන “Angklung” මගින් සමාජ සමගිය නිරූපණය වන ආකාරය පිළිබඳවද සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. මෙම හමුව මගින් දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.