නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර බස්නාහිර, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.