2025 ජූලි 01 අඟහරුවාදා, 18:49
නවතම පුවත්

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. ඊ-වීසා වංචාවේ වෝහාරික විගණනය කෝ?

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. හිටපු ආගමන විගමන පාලකවරයා; තමන් එසේ සිදු කරන ලද්දේ හිටපු අමාත්‍යාංශ ලේකම් වන වියානි ගුණතිලකගේ බලපෑමට බව ද, සඳහන් කළේ ය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන අයගෙන් කටඋත්තර ලබා ගත් අතර, එහිදී රාවුෆ් හකිම් පෙන්වා දුන්නේ රාජ්‍ය නිලධාරීන් වෙත අධිකරණ නියෝග ලබා දීමෙන් පසු එම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බව ය. යම් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ අධිකරණ නියෝගයට අනුගත වීමෙන් පසුව පමණක් බව ද හකීම් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ මෙම ඊ-වීසා වංචාකාරී ගනුදෙනුව 2023 තරම් දිගු කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පැවැති ක්‍රියාවලියක් වන බව ය. ඉන් රු. කෝටි 371 ක පමණ පාඩුවක් සිදු වූ බවත්, අධිකරණ නියෝගය නොතකා හැරීම එම වංචනික ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම 2024 ජූලි මස 12 වැනිදා මෙම ඊ-වීසා වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වුනු අතර, එම වෝහාරික විගණනය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්වත් සිදු නොකිරීමට වග බලා ගැනීම තුළින් පෙනී යන්නේ මෙම වංචනික ඊ-වීසා ක්‍රියාවලියට සම්බන්ධ දූෂකයන් කෙතරම් බලවත් ද යන්න බව ද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ය. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි වෝහාරික විගණනය ප්‍රසිද්ධ නොකරන්නේ මෙම වංචනික ක්‍රියාවලියේම දිගුවක් ලෙසින් බව ද, ඔහු අවධාරණය කළේ ය.

හිටපු ආගමන විගමන පාලකවරයාට දඬුවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

නවතම පුවත්

Web Image IV
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනයක්: ජූලි 4 සිට ක්‍රියාත්මකයි
ජාතික ගමනාගමන කොමිෂන්...
Web Image IV
විමල් වීරවංශට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජාතික නිදහස් පෙරමුණේ...
Web Image IV
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කන් තිදෙනෙකු අත්අඩංගුවට..
ශ්‍රී ලංකා රේගුවේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...

උණුසුම් පුවත්

Web Image IV
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනයක්: ජූලි 4 සිට ක්‍රියාත්මකයි
ජාතික ගමනාගමන කොමිෂන්...
Web Image IV
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කන් තිදෙනෙකු අත්අඩංගුවට..
ශ්‍රී ලංකා රේගුවේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...
Web image new template new (1)-Recovered-Recovered
සිරියාවට පැනවූ සම්බාධක ඉවතට: ට්‍රම්ප්ගෙන් ඓතිහාසික නියෝගයක් !
එක්සත් ජනපද ජනාධිපති...

දේශපාලන

Web Image IV
විමල් වීරවංශට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජාතික නිදහස් පෙරමුණේ...
Web Image IV
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන...
Web image new template new
හිටපු අමාත්‍ය ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි.
හිටපු අමාත්‍ය ගාමිණී...
Web image new template new (1)-Recovered-Recovered
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාගේ විරෝධතා නඩුව නීතිපති උපදෙස් එනතුරු කල් යයි!
කුරුඳුවත්ත පොලිස්...

Categories