2025 ජූනි 29 ඉරිදා, 18:42
නවතම පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට

මන්නාරමට උතුරින් පිහිටි දූපත් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද අලුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එලෙස අත්අඩංගුවට ගත් පිරිස් අතර ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සිට ඇති බව සදහන් වේ.දේශීය ධීවරයින්ගේ ජීවනෝපායට එල්ලවන බලපෑම සැලකිල්ලට ගනිමින්, විදේශීය ධීවර බෝට්ටු නීති විරෝධී ලෙස දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නිතිපතා මුර සංචාර සහ මෙහෙයුම් දිගටම සිදු කරයි.මෙම මෙහෙයුම්වල දිගුවක් ලෙස, අද අලුයම උතුරු මැද නාවික විධානය විසින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවර බෝට්ටු පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන අයුරු නිරීක්ෂණය කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන්, උතුරු මැද නාවික විධානය සිය වෙරළ මුර යාත්‍රා යොදවා මන්නාරමට උතුරින් පිහිටි දූපත් මුහුදු තීරයෙන් එම ඉන්දීය ධීවර බෝට්ටු පලවා හැරීමට කටයුතු කළේය. නාවික නිලධාරීන් විසින් සිදු කරන ලද අනුකූලතා ගොඩබෑමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු බෝට්ටුවක් 01 ක් අත්අඩංගුවට ගැනීමටත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දියානු ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් බෝට්ටුව සහ ඉන්දියානු ධීවරයින් අටදෙනා මන්නාරමේ තල්පාඩු ජැටිය වෙත ගෙන එන ලද අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාර දී ඇත.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
ඉරිදා ලංකාදීපය ත්‍රිපෝෂ කම්හල වැහෙන බවට බොරු කියලා..! ත්‍රිපෝෂ සභාපතිගෙන් චෝදනා
‘බඩ ඉරිඟු...
Web image new template new (1)-Recovered-Recovered
ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි
ඊයේ (28) ඊශ්‍රායල්...
Web image new template new (1)-Recovered-Recovered
කච්චතිව් යළි ඉන්දියාවට නොදෙන බව ධීවර ඇමති කියයි
ධීවර හා ජලජ සම්පත්...
web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...

උණුසුම් පුවත්

web image5
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය...
web image 4
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට
මන්නාරමට උතුරින්...
web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web 3
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා - දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් ප්‍රමාදයි
උඩරට දුම්රිය මාර්ගයේ...

දේශපාලන

web image 4
කොටි 3ක සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගමෙන් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට...
web image 3
වෛද්‍ය සංජීවගේ GMOA බලය යළිත් තහවුරු වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
web 01
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ
මස්කෙළිය ප්‍රාදේශීය...
Web image new template new (1)-Recovered-Recovered copy 2
රාජ්‍ය සේවයට තිස්දහසක්
රාජ්‍ය පරිපාලන,...

Categories