2025 ජූනි 27 සිකුරාදා, 15:40
නවතම පුවත්

හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා – CID පුළුල් විමර්ශන

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඝාතන සිද්ධීන් පහකට සම්බන්ධ ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම බරපතල චෝදනා අතර පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක්ද ඇතුළත් වන බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. මේ වන විටත් CID කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශන ආරම්භ වී ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් CID විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අලුතින් කරුණු අනාවරණය වීමත් සමඟය. මහාචාර්ය රවින්ද්‍රනාත් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් මඩකළපුව ප්‍රදේශයට යවා ඇත. ඔවුන් සැකකරුවන් කඳවුරු පවත්වාගෙන ගිය ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර, දැනටමත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම බරපතල සිද්ධීන් පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම විමර්ශන මගින් ඝාතනවලට සම්බන්ධ සත්‍ය තොරතුරු නිරාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...
Web image new template new (1)-Recovered-Recovered
ඉරානය ඊශ්‍රායල ඔත්තුකරුවන් 700 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනියි
විදසේ වාර්තා සඳහන්...
Web image new template new (1)-Recovered-Recovered
ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට
අල්ලස් කොමිසමෙන්...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචාවල වැඩිවීමක්
ශ්‍රී ලංකික පුරවැසියන්...

උණුසුම් පුවත්

web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...
111
රඹුක්කන දුම්රියක් පිලී පනී - දුම්රිය ගමනාගමනයට බාධා
රඹුක්කන දුම්රිය...
web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

දේශපාලන

web 09
ශිරන්තිගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් දැලේ
ශිරන්තිගේ සොහොයුරු...
web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

Categories