2025 ජූනි 27 සිකුරාදා, 13:02
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට

අද (23) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, දිවයිනට පැමිණි ඒ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බවයි.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙයයි.

දිවයිනට පැමිණි ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතයි.

එමෙන්ම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතව ඇත.

එමෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බවද සඳහන්.

මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අනුරාධපුර රෝහලේ මල මූත්‍රා මල්වතු ඔයට
ප්‍රදේශවාසින් පවසන්නේ,...
web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
විශ්වවිද්‍යාල සිසුවෙකු අතුරුදහන්
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...

උණුසුම් පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
web 04
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා - CID පුළුල් විමර්ශන
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජ'පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!
පසුගිය දින කිහිපය...

දේශපාලන

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් පැහැර ගනියි
අද (27) ජාතික ජන...

Categories