ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා “රාජකාරියේ යෙදී සිටියදී” එලෙස මිය ගිය බවයි .
ඉරාන මාධ්‍ය විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් වාර්තා කර නොමැත.
ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් මහතා පැවසන්නේ මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බවයි .
ඔහු මෙම අදහස් පළ කළේ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.
මේ අතර දකුණු ලෙබනනයේ තිදෙනෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබේ.
මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ.