ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවටය.
ඒ අනුව මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකි බවය