මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එමඟින් විදේශ විනිමය ද රටට ගෙන ඒමට හැකිවනු ඇති බවය.
යාපහුව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
“අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඡන්දයක් තියන්න හරි පක්ෂ නායකයින් හිටියේ නෑනේ හොයා ගන්න. දැන් 38 දෙනෙක් ඉන්නවා. පුළුවන් ශ්‍රී ලංකා… ඒ මොකද්ද ඒ…අපිට පුළුවන් ඉදිරියට එන්න. අපි තමා එකතු වෙලා රට ගොඩගත්තේ. අපි ඔක්කෝම නායකයෝ නැති වෙලාවේ. ඒ වගේම දැන් ඉදිරියට එන්න කියලා මම කියන්න කැමතියි. කෘෂිකර්මාන්තය මම අලුත් මාර්ගයක ගෙනියනවා. නවීකරණයක් ඇති කරලා, අපි කෘෂිකර්මය විප්ලවයක් කරලා, ලෝකයට ආහාර දෙන්න යනවා. විදේශ විනිමය හොයාගත්තාම අපි ගිහින් ණය ගන්න වැඩක් නෑ. අපිට ණය ගෙවන්න පුළුවන්. මොකද කියන්නේ සමගි ජන බලවේගයයි, අපේ මාලිමාවයි. පුළුවන් ශ්‍රී ලංකා කිව්වහම ඒ කොළ දෙක කියවන්න… මට තේරෙන්නේ නෑ ඒක. ඒ අය හිස්. අලුතින් හිතන්නේ නෑ. සැප්තැම්බර් 21 ගිහින් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ, වයඹ ඇළත් නෑ.”