උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 දෙනෙකු මිය ගොස් ඇත. මෙය සිදුවන්නේ උගන්ඩාවේ කම්පාලා අගනුවර වන අතර එම කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නාය යෑමට ලක්ව ඇත. මෙම ආපදාව හේතුවෙන් ඒ ආසන්නව පිහිටි නිවාස ගණනාවකටම හානි සිදුවී ඇති බව වාර්තා වේ. මේ වෙනවිට ඊට යටවූ 14 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.