ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ මෙන්ම ප්‍රවීණ රංගවේදී මොහොමඩ් සෆ්රාස් මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ.ඒ මහතාගේ දේහය අංක 215/2, ඩීන්ස් පාර, මරදාන, කොළඹ 10 ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.පවුලේ ඥාතීන් දැනුම් දෙන පරිදි, අවසන් කටයුතු අද (ජූනි 21) සවස 3.00 ට කුප්පියාවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය

නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍ර රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින්, විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. මෙම අදහස් පළ කෙරුණේ “කැම්බර් ටෙක්නික්ස් ට්‍රේනින් සෙන්ටර්” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ඉදිරියේදී පෞද්ගලික අංශයේ පුහුණු […]
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වගා නොකළ ඉඩම් හිමියන්ට සති දෙකක කාලයක් තුළ තම ඉඩම් වගා නොකිරීමට හේතු දක්වන ලෙස දැනුම් දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ වන විට අක්කර 120,000කට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි. මෙම තීරණය ගෙන ඇත්තේ රටේ […]
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්

ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොරවල් සහිත වායුසමනය කරන ලද බලවේග කට්ටල දුම්රිය (AC Power Set Trains) 5ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. මෙම දුම්රියවල ඇති විශේෂත්වය වන්නේ, දුම්රිය නැවැත්වූ විට සියලු දොරවල් ස්වයංක්‍රීයව විවෘත වීමත්, දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර ඒවා ස්වයංක්‍රීයව වැසී යාමත්ය. මෙය මගී ආරක්ෂාව […]
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ටෙහෙරානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය අද (ජූනි 21) මේ බව නිවේදනය කළේය. මීට අමතරව, ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව […]
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට

ජනාධිපති අරමුදල මගින් මහජනතාවට සපයන සියලු සේවා අද (ජුනි 21) සිට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබී තිබේ. මීට පෙර, ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාදීමේ සේවාව සඳහා අයදුම්පත් භාරගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පසුගිය පෙබරවාරි 7 වනදා සිට ආරම්භ කරන ලදී. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම වැඩසටහන ඉතා […]
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි

ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්

ජූනි 30 වන දින විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තියට අනුව, එක් එක් වර්ෂයේ ජූනි 30 වනදාට හෝ ඊට පෙර […]
මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එප්පාවල සමුපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ, 2019 වසරේදී එවකට ජනාධිපති සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් […]
ඉරානයෙන් තද තීරණයක් ඊශ්‍රායල ප්‍රහාර නතර කරන තුරු සාකච්ඡා නැත

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව පවසා තිබේ. ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ. තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය යුතුව ඇති බවයි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා […]