2025 ජූනි 22 ඉරිදා, 02:24
නවතම පුවත්

සුදු වෙන්න ගාන ක්‍රීම් නිසා සමේ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කරන සමේ ගල්වන ආලේපන වර්ගවලට නොරැවටෙන ලෙසත්, සමේ ආලේපන භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් ඇය පැවසුවා.

සමේ දිලීර ආසාදන, කුරුලෑ සහ සමේ ඇතිවන කළු පැහැ වර්ණය සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ආලේපන භාවිත කිරීම නිසා සමේ ආසාදනවලට ඇතිවන බලපෑම වැඩියි.

සමේ රෝගයක් තිබෙනවානම් අදාළ රෝගයට නියම අවස්ථාවේ ප්‍රතිකාර ගත යුතු අතර,සම නිරෝගීව තබා ගැනීමට සමබල ආහාර වේලක් ඉතාම වැදගත් බවත් ඇය සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවේ,

“අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන, පෝෂණය තියෙන ආහාර අරගෙන Moisturizers Cream පාවිච්චි කරලා, සුදුසු වෙලාවට sun block පාවිච්ච කරලා අපි හැමෝට හොඳ සමක් තියාගන්න පුළුවන්. සමේ පාට නෙමෙයි වැදගත් සම කොච්චර නිරෝගිද කියන එක තමයි වැදගත්. අපිට කොච්චර සුදු සමක් තිබුණත් වැඩක් නැහැ අපි රෝගීනම්.

ලංකාව වගේ අව්ව ගොඩක් තියෙන රටක සමේ පිළිකා වැඩියි. ස්වභාවධර්මයෙන් අපිට තද සමක් ලැබිලා තියෙන්නේ ආසියානුකරයේ අයට මේ අව්ව තියෙන පරිසරයේ අපිට පිළිකා අඩුකරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒක තමයි අවුව තියෙන රටවල ජීවත් වෙන අයගේ ස්වභාවයෙන් dark සම තියෙන්නේ. ඒක නැති කර ගත්තාම එකේ අහිතකර ප්‍රතිඵල අපිට ලැබෙනවා.”

එම මාධ්‍ය හමුවට එක්වූ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සමේ ආසාදන පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

“නියපොතුවල, හිස්කබලේ සහ කෙස්වල දිලීර හැදෙන්න පුළුවන්. සමේ අළුහම් හැදෙනවා. ඇඟිලිකරු අතරේ සුදුවෙලා කසනවා. මේවා සම ආශ්‍රිතව හැදෙන දිලීර රෝග. මේවාට සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගෙන ඖෂධ ලබාගන්න. නියමිත ඖෂධය නිවැරදිව නොගත්තොත් ඒ දිලීරය ප්‍රතිවිරෝධී දක්වනවා. ෆාමසිවල ඉන්න ෆාමසිස්ට්ලාට රෝගියකු ඉල්ලන ඖෂධය දෙන්න බැහැ. වෛද්‍යවරයකු ලියා එවන තුණ්ඩුවට තමයි ඖෂධය දෙන්න පුළුවන්. සමහරු තමන්ගේ සමේ ඇති කැළලට බෙහෙතක් දෙන්න කිව්වම ෆාමසිස්ට් අදාළ ආලේපනය දෙනවා. මේක ඉතාම අවදානම්. වෙළෙඳපොළේ තියෙන එක එක ක්‍රීම් වර්ග අරන් මුහුණේ, සමේ ගාන්න එපා. වෙළෙඳපොළ තුළ සම සුදුවෙන්න ගාන ක්‍රීම් කියලා ඉතා අඩුවට අලෙවි කරනවා නම් ඒවා ගාන්න එපා. ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න. මේ බාල ක්‍රීම් ගාලා තමන්ගේ මුහුණ, ශරීරය කැත කරගන්න එපා. ඒවායින් සමට වෙන හානිය ගැන වැඩියෙන් දැනුවත් කරන්න. මාධ්‍යයට පුළුවන් මේ ෆේස්බුක් හරහා බාල ක්‍රීම්වර්ගවලට අදාළ දැන්වීම් ප්‍රචාරය කරන එක කඩාගෙන යන්න.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories