වැල්ලම්පිටිය, සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස බලකරමින් ප්‍රදේශවාසීහු මහල් නිවාස අසල විරෝධතාවක නිරත වූහ.
ඇතැමුන් කියාසිටියේ වත්මන් රජයට දුෂ්කරතා ඇතිකිරීමට සිතාමතාම මෙම ගින්න ඇති කළ බවයි.
කෙසේවෙතත්, ගින්න නිවා දමා ඇති අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.