2025 ජූනි 21 සෙනසුරාදා, 21:19
නවතම පුවත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීමේ නඩු සමථයට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගය ගැනුණු නඩු අද (12) දින සමථයට පත් වූ බවයි.

එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.

ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියේ ය.

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා ද මීට ඉහතදී සිය එකඟත්වය පළ කළේය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ බව තහවුරු කරමින් පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories