ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් හතළිහක පමණ පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (05) සිදුවිය.
අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රචාරක ලේකම් හබරාදුව සංවිධායක තිසර ගුණසිංහ යන මහත්වරු අත්සන් කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද එක්වී සිටියේය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වන උදිත ලොකුබණ්ඩාර (හපුතලේ), කුඩාබණ්ඩාර ඉලුක්පිටිය (කලවාන), පරාක්‍රම දසනායක (කොත්මලේ ) ප්‍රභාත් එදිරිවීර(බේරුවල), ඉෂාන් අබේරත්න (මිනුවන්ගොඩ), ලකිඳු ගජසිංහ (කොළඹ දිස්ත්‍රික් සංවිධායක) ඇතුළු හිටපු ආසන සංවිධායකවරු පිරිසක් එක්ව සිටියහ.