ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින දර්ශනයට එක් වන නවතම තරඟාවලිය ලෙසින් ලංකා T 10 සුපර් ලීග් තරඟාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි
මෙය වසර කිහිපයක් පුරා පැවැත්වීමට නොහැකි වූ මෙම ලීග් තරඟාවලිය දිවයිනේ ප්‍රදේශ 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රීඩක ලියාපදිංචි කිරීම පෙරේදා (15 වැනිදා) සවස 6 සිට ආරම්භ කෙරුණි.
විදෙස් ක්‍රීඩකයින්ට මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටද මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර ඒ සඳහා මෙම මස 23 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත.
එමෙන්ම තරඟාවලියේ සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 7ක් සමගින් උපරිම ක්‍රීඩකයින් 17ක් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතී. දින 10ක තරඟාවලියක් වන මෙම ලංකා T 10 තරගාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.