වත්මන් ජනාධිපති, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට එනම් රටේ ආර්ථිකය ගොඩ නගන්න ඔබතුමාට හැකි බවට බොහෝ දෙනෙක්ගේ මතය නමුත් රාජපක්ෂලාගේ සහය නිසා බොහෝ දෙනෙක් මනාප පලකරන්න මැලිවෙනවා ඒ පිළිබඳ එම පහතා පවසා ඇත්තේ මේ කියන්නේ මොන රාජපක්ෂ ගැනද? රාජපක්ෂ නමින් අපේක්ෂකයන් තුන්දෙනක් සිටිනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා, විජයදාස රාජපක්ෂ ඉන්නවා. නමුත් ඒ එක්කෙනෙක්වත් අප සමඟ නැහැ. 2022 ජූලි මාසයට වඩා අද තත්ත්වය හොඳයිද? එසේත් නැත්නම් අද තත්ත්වය ඊට වඩා උග්‍ර වෙලාද? ආණ්ඩුව ගෙන යන්න මට පොහොට්ටුවේ සහයෝගය ලැබුණා. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා, තෙල් නැතුව, පොහොර නැතුව ඉන්න තිබුණා. ඒ ආණ්ඩුවේ වැඩකටයුතු එතනින් ඉවරයි. දැන් මැතිවරණයකට යනවා. ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ යනවා. මම මගේ මාර්ගයේ යනවා. ලංකාවේ රාජපක්ෂලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඉන් සමහර අය මට ඡන්දය ලබා දෙන්න පුලුවන්. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී එම පක්ෂය තීරණය කර තිබෙනවා පක්ෂයක් ලෙස වෙනම ඉදිරිපත් වීමට. අප ඉදිරිපත් වන්නේ වෙනමයි