ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද එනම් (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගොස් ඇත.
මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ” රන් මාවත ” ( Gold Route ) පර්යන්තයේ පහසුකම් ද ලබා ගෙන තිබේ .
බැසිල් රාජපක්ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇති අතර ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදී මෙලෙස බැසිල් රාජපක්ෂ විදේශ ගත වීම සම්බන්ධයෙන් හිරු නිව්ස් කළ විමසීමකදී ඔහුගේ සමීපතයෙකු කියා සිටියේ සති තුනක කාලයක් සඳහා පමණක් බැසිල් රාජපක්ෂ විදේශ ගතව ඇති බවයි