එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකා හමුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බවත් කතා බහ උණුසුම් මුහුණුවරක් ගත් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඇමරිකානු ආණ්ඩුව වෙනස් වන විට බලය මාරු කිරීම සනිටුහන් කිරීමේ දිගුකාලීන සම්ප්‍රදායේ කොටසක් ලෙස ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම ආරාධනාව සිදුකර තිබේ.
කෙසේ වෙතත් එම සම්ප්‍රදායට පිටුපාමින් 2020 වසරේ දී බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසු ධවල මන්දිරයට බයිඩන්ට ආරාධනා කිරීමට ට්‍රම්ප් කටයුතු නොකළේය.
එහිදී ට්‍රම්ප් මැතිවරණය දූෂණයට ලක් වූ බවට ව්‍යාජ ප්‍රකාශයක් කරමින් එම අවස්ථාව මඟ හරින්නට විය