පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු ස්ථානාධිපතිවරු 100කට වැඩි පිරිසක් ස්ථාන මාරු කිරීමට ඊයේ(06) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති බව ආරංචි මාර්ග අනාවරණ කර තිබේ .
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණ දෙන නිලධාරියා ලෙස කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා පත් කිරීමට අනුමැතිය ලැබී ඇත. එසේම දැනට විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කරනු ඇත.
එසේම දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතාව වයඹ පළාතටත්, වයඹ පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාතටත්, දකුණු පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන මහේෂ් සේනාරත්න මහතා ඌව පළාතටත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලැබී ඇති බව එම ආරංචි මාර්ගවල තවදුරටත් සඳහන්ය .
මෙලෙස ස්ථාන මාරු ලබන පොලිස් ස්ථානාධිපතිවරු රැසකට ස්ථානාධිපති ධූරය අහිමි වී සාමාන්‍ය රාජකාරී සදහා යොමු කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.