පැරිස් ඔලිම්පික් උළෙල ලබන අගෝස්තු 11 නිමාවීමත් සමගම ලෝක අවධානය මීලඟට යොමුවන්නේ අගෝස්තු 28 පැරිස් නුවරදීම ඇරැඹෙන පැරාලිම්පික් තරඟාවලිය වෙතයි.
මෙවර තරඟාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීමට ක්රීඩකයන් හත් දෙනෙක් සහ එක් ක්රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙනවා.සමිත දුලාන් (පිරිමි F46 හෙල්ල විසිස්කිරීම) නුවන් ඉන්දික (පිරිමි T44 මීටර 100) පාලිත බන්ඩාර ( පිරිමි F42/63 යගුලිය දැමීම) ප්රදීප් සෝමසිරි (පිරිමි T46 මීටර 1500), ජනනි ධනංජනා ( කාන්තා T47 දුර පැනීම ) අනිල් ප්රසන්න (පිරිමි T42/63 මීටර 100) නවීඩ් රහීම් (පිරිමි S9 මීටර 400 නිදහස් ආර පිහිනුම්) සුරේෂ් ධර්මසේන (පිරිමි රෝද පුටු ටෙනිස්)