මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටී.
ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි .
කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා ඇත