ශ්රී ලංකාවේ ප්රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීම, අධියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිකුත් කර ඇති අතර, එය අද (ජූනි 16) පස්වරු 4.00 සිට හෙට (ජූනි 17) පස්වරු 4.00 දක්වා ක්රියාත්මක වන බව එම සංවිධානය පැවසීය.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස නම්, කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, සහ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම, රත්නපුර යන ප්රදේශ වේ.
මෙම ප්රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසත්, කිසියම් නාය යෑමේ ලක්ෂණයක් දුටුවහොත් වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.