රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියල්ල පාලනයට පියවර ගන්නා බව නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(23) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ධුරයේ වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
යුධ හමුදාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට තමා කටයුතු කරන බව ද නව ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසීය.