ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව ගල්කිස්ස පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බඩෝවිට පලවන අදියර පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (13) රාත්රිය මෙම දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙලෙස මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලීසිය නිලධාරීන් හා ගම් වැසියන් එකතුව තුවාලකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් ඉන්පසු ඔහු මිය ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.