2025 ජූනි 22 ඉරිදා, 00:25
නවතම පුවත්

විශේෂ අවශ්‍යතා ඇති අයට ඡන්දය දීමට විශේෂ පහසුකම්

පළාත් පාලන ඡන්දයේ පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධ සහිත ඡන්ද හිමියන්ට තනිව සිය ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව මඟ පෙන්වන ස්පර්ශක රාමුව (Tactile stenccil Frame) සෑම ඡන්ද මධ්‍යස්ථානයක ම භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

එම ස්පර්ශක රාමුව භාවිත කරමින් ඡන්දය සලකුණු කරන දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ට කිසිදු බාධාවකින් තොරව ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ක්‍රියාකරන ලෙස ඡන්දපොළ කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා කීය.

ආබාධ සහිත ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විවිධ පහසුකම් සපයා ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

ආබාධ සහිත ඡන්ද හිමියන් ඡන්දය සලකුණු කිරීමේදී මුහුණපාන බාධා අවම කිරීම වෙනුවෙන් මැතිවරණ රාජකාරිවල නියුතු සියලු නිලධරයන් මැතිවරණ කොමිෂන් සභාව ලබා දී ඇති උපදෙස් සහ විධාන නිසි පරිදි අනුගමන කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අස්සනින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව, රෝද පුටු භාවිත කරන හෝ සංචලන ආධාරක උපකරණ භාවිත කරන හෝ ඡන්ද හිමියන්ට ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුමේ සිට ඡන්දපොළ පිහිටි ගොඩනැගිල්ල දක්වා පහසුවෙන් පිවිසීම සඳහා සහාය සැපයෙන බව එහි දැක්වේ.

රෝද පුටු භාවිත කරන තැනැත්තන්ට සහ උසින් අඩු තැනැත්තන්ට පහසුවෙන් ළඟාවිය හැකි වන සේ උස අඩු මට්ටමකින් ඡන්ද පෙට්ටිය ස්ථානගත කිරීම, අර්ධ දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් සඳහා අකුරු විශාල කර පෙන්වීමේ උපකරණ (අත්කාච විශේෂ උපැස් යුගල වැනි පෞද්ගලිකව භාවිත කරන දෑ) ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා හැකි බව ත් එම උපකරණ භාවිත කරමින් ඔවුන් හට ඡන්ද පත්‍රිකාව කියවා ගැනීම හා ඡන්දය නිවැරැදිව සලකුණු කිරීමට ඉඩකඩ සලසා ඇති බව ත් එහි දැක්වේ.

ඡන්ද පත්‍රිකාව කියවා ගත නොහැකි තැනැත්තන්ට සහ පැහැදිලි කරදීමක් අවශ්‍ය යැයි පවසන යම් ඡන්ද හිමියෙකුට සෙමින් පැහැදිලි කිරීම සහ ඡන්දය සලකුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇත.

ශ්‍රවණාධාර සහිත ඡන්දදායකයන්ගේ දැනගැනීමේ පහසුව සඳහා ඡන්දපොළ පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම සංඥා භාෂාවෙන් රූප සටහන් සහිතව සකස් කර සෑම ඡන්දපොළක ම ප්‍රදර්ශනයට තබා ඇත.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පූර්ණ ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත, ඡන්දය පාවිච්චි කිරීමේදී අනන්‍යතාව සනාථ කිරීමේදී වලංගු හැඳුනුම්පතක් ලෙස පිළිගෙන ඇති බැවින් එය ඡන්දපොළේදී ඉදිරිපත් කරන ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවකාශ ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories