තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු යැයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාධ වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත්වනු ඇති බවයි .
එමෙන්ම ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ලම ලබන සඳුදාට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව ඇය පැවසුවාය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය කියා සිටියේ, සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1944 කෙටි දුරකතන අංකයෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකිය.