එළැඹෙන ජූනි මාසයේ සිට විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඔහු තවදුරටත් සදහන් කළේ වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවයි.
සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.