2025 ජූනි 21 සෙනසුරාදා, 17:52
නවතම පුවත්

ලොව වයසකම කිරිල්ලිය අවුරුදු 74දී බිත්තරයක් දාලා

ලොව වයස්ගතම ගැහැණු පක්ෂියා වයස අවුරුදු 74 දී බිත්තරයක් දමා ඇති බව එක්සත් ජනපද ජීව විද්‍යාඥයෝ පවසති.

විස්ඩම් (Wisdom) නමැති එම ගැහැණු පක්ෂියා Laysan albatross විශේෂයට අයත් වේ.

US Fish and Wildlife Service නමැති ආයතනය විසින් පැසිෆික් සාගර කලාපයට අයත් Midway Atoll ජාතික වනජීවී සංරක්ෂණ භූමියේදී සිදුකරන ලද රූගත කිරීමකදී එම කිරිල්ලිය පිරිමි පක්ෂියා සමග බිත්තරය රැකබලා ගන්නා අයුරු ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

මෙම විශේෂයේ පක්ෂීන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ අවුරුදු 12-40 ත් පමණ කාලයක් බව පැවසේ.

එහෙත් Wisdom නමැති කිරිල්ලිය පළමුවරට හඳුනාගෙන තිබුණේ 1956 දී වන අතර, ඒ වනවිට ඇයට වයස අවුරුදු පහක් පමණ වූ බව සඳහන් වේ.

ඇගේ අවසන් වරට බිත්තර දමා තිබුණේ 2021 වසරේදීය.

ඇයගේ ජීවිත කාලය තුළ මේ වනවිට එම කිරිල්ලිය බිත්තර 30 කට වඩා දමා ඇතැයි වාර්තා වේ.

US Fish and Wildlife Service ආයතනය පවසන්නේ, Wisdom කිරිල්ලිය මෙම වසරේ නව සහකරුවෙකු සමඟ සිටින බවයි.

ඇයගේ පෙර සහකරු ලෙස හඳුනාගෙන තිබූ Akeakamai නමැති පක්ෂියා වසර කිහිපයකින් දැකගත නොහැකි වූ බව ද එම ආයතනය පවසයි.

මෙම විශේෂය සාමාන්‍යයෙන් ජීවිත කාලය තුළ සොයාගන්නේ එක් සහකරුවෙකු පමණක් වුවද Wisdom කිරිල්ලියට මේ වනවිට සහකරුවන් තිදෙනකුට වඩා සිටි බව විශ්වාස කෙරේ.

Midway Atoll ජාතික වනජීවී සංරක්ෂණ භූමියේ අධීක්ෂණ වනජීවී විද්‍යාඥ ජෝන් ප්ලිස්නර් පවසන්නේ, විස්ඩම්ගේ වයසට ආසන්න වෙනත් පක්ෂීන් ගැන විද්‍යාඥයන් නොදන්නා බවයි.

මීට පෙර හඳුනාගෙන සිටි වයසින් වැඩි කුරුල්ලාට වයස අවුරුදු 45 ක් බව පැවසේ.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories