අවුරුදු 65 ට අඩු විශ්‍රමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
කොන්දොස්තර හා රියැදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සේවක හිඟයට පිළියමක් ලෙස මෙම තීරණයට එළැඹී බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.