2025 ජූනි 21 සෙනසුරාදා, 18:19
නවතම පුවත්

ගිය අවුරුද්දේ 66 දෙනෙක් වෙඩි තියලා මරලා

2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම් බහුතරයක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ වෙඩි තැබීම් බව පෙනී ගොස් තිබේ.

මෙයින් මරණ 13ක් පසුගිය මාස තුන ඇතුළත වාර්තා වී ඇති අතර ඒවා ද පාතාලය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම් පිටුදැකීමට දැඩි උත්සාහයන් දැරුවද, විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන්ගේ සම්බන්ධය සහ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දූෂණය ඊට අභියෝගයකව තිබේ.

මෙම ගැටලුව විසඳීම සඳහා, බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල බලපෑම මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ද මීට පෙර නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

දත්තවලට අනුව, 2024 අග භාගයේදී සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිය අතර, ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර වෙඩි තැබීම් 13කින් මරණ 10ක් වාර්තා වී තිබේ.

2025 ජනවාරි මස මුල සිදු වූ වෙඩි තැබීම්වලින් තවත් තිදෙනෙකු මියගොස් තිබිණි.

අම්බලන්ගොඩ, ගල්කිස්ස, දික්වැල්ල, පදවිය, ගම්පහ, කඳාන, මීගොඩ, මරදාන, මීටියාගොඩ, ජා-ඇල, ගාල්ල, සීදූව, වැලිගම සහ අහුංගල්ල ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතව වෙඩි තැබීම් සිදුව තිබිණි.

ආසන්නතම වෙඩි තැබීම ජනවාරි 9 වැනි දින අහුන්ගල්ලේදී සිදු වූ අතර, එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබීය.

අහුන්ගල්ල ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලෙස හඳුනාගෙන ඇති එම පුද්ගලයා, ‘ලොකු පැටී’ ලෙස හඳුන්වන ප්‍රසිද්ධ පාතාල චරිතයක් වන සුජීව රුවන්කුමාර සමඟ සම්බන්ධයක් ඇති බව වාර්තා වේ.

2024 දී, වෙඩි තැබීමේ සිදුවීම් 103ක් වාර්තා වී ඇති අතර, ඉන් 56ක් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියැවේ.

එම වසරේ මියගිය පුද්ගලයන් 63 දෙනාගෙන් 45 දෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව ද කියැවේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ අතරතුර ටී-56 ගිනි අවි 20ක් ද සොයා ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් ඉහළ යමින් තිබියදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ මෙම ගැටලුව විසඳීමට වහාම පියවර ගන්නා ලෙසයි.

අවශ්‍ය අවස්ථාවන්හිදී විශේෂ කාර්ය සාධක බලකාය (STF) සම්බන්ධ කර ගැනීමට ද ඔහු නියෝග කර ඇත.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories