ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ, ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයක හදිසි බිඳවැටීමක් හේතුවෙන්.
අද (22) දා උදෑසන සිට දහවල් 12.00 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බවයි එම මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක, සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ, කටාන, මිනුවන්ගොඩ, යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කරයි.
මෙසෙ බිඳ වැටීමකට ලක්වූ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතිනවා.
ඒ අනුව කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.